FL Studio Download කර install කරගැනීම.
මුලින්ම මම FL Studio ගැන කියාදෙන්න හිතුවෙ ඩිජිටල් සංගීත නිර්මාණකරණය තුල භාවිතා වෙන සංකල්ප සියල්ලම වගේ ලෙසියෙන් ඉගෙන ගන්න පුලුවන් නිසා. FL Studio හි ඉනටර්ෆේස් එක ඉතා සරල උනත් වැඩ අතින්නම් ඉහල මට්ටමක ඉන්නවා.
![]() |
Mixing a song with FL Studio (මේකෙනම් ටිකක් සංකීරණයි වගේ පේන්නෙ) |
FL Studio හි කොටස් හඳුනාගනිමු
![]() |
Click on photo to enlarge |
Mixer : කටහඬ/ලයිව් සංගීත භාන්ඩ වල නාදය පටිගත කිරීම සහ effects යෙදීම සඳහා මෙය භාවිතා වේ. (උදා: reverb - දෝංකාරය වගේ එක, chorus effect - ස්ටීරියෝ ආකාරයට ශබ්දය ඇසීම සඳහා. පානා සෙනෙහස සින්දුවෙ දුෂ්යන්ත්ගේ කටහඬ අහලා බලන්න.. chorus effect එක දාලා තියෙන්නෙ..)
Playlist : සංගීත ඛණ්ඩ නිර්මාණය කල පසුව ගීතයක් ආකාරයට පිලිවෙලට ප්ලේ වීම සඳහා මෙතනට ඒ සංගීත ඛන්ඩ ලබා දිය යුතුය.
ඔන්න මූලිකම කොටස් ටික කෙටියෙන් විස්තර කලා. මේවා ගැන තවදුරටත් සහ අනිකුත් කොටස් ගැනත් ඉදිරියට ඉගෙන ගනිමු. විශේෂයෙන් කියන්න ඕනෙ උනන්දුව සහ ආසාව තියනවා නම් තනියම උනත් ඉගෙන ගන්න පුලුවන්. (මං වගේ) මෘදුකාංගයෙන් වැඩ කරන්න දැනගත්තටම මදි සංගීත නිර්මාණයක් කරන්න. ස්වර, chords, scale ගැන යම්තාක් දුරට දැනීමකුත් තියෙන්න ඕනෙ. තව යම්තාක් දුරට කීබෝඩ් වාදනය කිරීමේ හැකියාවකුත් තිබුනොත් හොඳයි.
පසුගිය දවස් වල සංගීත වැඩ ටිකක් නිසා කාර්යබහුල උනා කිව්වනේ. ඒ ගැන තමයි මේ කියන්න හදන්නෙ. මම සහ අන්තර්ජංජාලය බ්ලොග් එකේ කතෘ යසන්ත අයියා ස්ටූඩියෝ එකක් ආරම්භ කලා Hidden Melodies කියලා.
අපි කරපු පලවෙනි ගීතය යසන්ත අයියා ගායනා කරන, මං සංගීත නිර්මාණය කරපු හිම හංසි පද රචනය කරපු ගීතයක්. (තවම රිලීස් කලේ නෑ) දෙවෙනි ගීතය මං ගායනා කරන, මම සංගීත නිර්මාණය කරපු, ප්‍රාර්ථනා අක්කා පදරචනය කල සදා රකිමි (හීන කතන්දර) ගීතය. පහත ප්ලේයර් එක මගින් ඒක අහලා බලලා ඔයාලගේ අදහස් උදහස්, ගල් මුල් හැමදේම මට කියන්න. (ඇහෙන්නෙ නැත්නම් http://www.soundcloud.com/bimsara/sada-rakimi මෙතනින් අහන්න) එහෙනම් අදට මං ගියා. බායි ඇන්ඩ් ජය වේවා!!!
සින්ඩුව ගැනනම් ආයෙ කියන්න ඩෙයක් නෑ...........^_^
ReplyDeleteගෑල්ලමයින්ගෙන් පලිස්සම් වෙන්ඩ.........
විශේෂයෙන්ම මේ කමෙන්ට් එක දාපු කෙනාගෙන්...
Deleteඔව් ඈ....අර ගෑල්ලමයි ටික.....
Deleteමට මියුසික් ගැන අවබිධයක් නැතත් මම කැමතියි මේ වගේ දේවල් ඉගෙනගන්න! ඔයාලට ගොඩක් තුති! :)
ReplyDeleteබොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට..
Deleteමල්ලියෝ... මාරු බන්.. සිරා. මට එවුවේ මේකේ සින්දුව නැතුවනේ.. දැන් මාරයි ආ ....
ReplyDeleteඑල ඈ.. තැන්කූ තැන්කූ..
Deleteසුපිරිම මලයා. වැඩේ දිගටම කරගෙන යමු.
ReplyDeleteසින්දුව හොඳට කිරීමේ ක්‍රෙඩිට් වලින් කොටසක් අයියටත් අයිති වෙන්න එපෑ.. හැමදාම වගේ මගෙ මියුසික් වල අඩුපාඩු පෙන්නලා දෙනවට... තැන්කූ වේවා..
Deleteස්තුතියි, සහ හොද වැඩක්,,,,අනිවාර්යෙන්ම මේක බලනවා,,,
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteමචන් සින්දුවේ මියුසික් නම් එළ, ඒත් තව ටිකක මේ වොයිස් එක ක්ලියර් වුනා නම් හොද නැද්ද?
ReplyDeleteමලයා සින්දුව නම් මල් හතයි.
ReplyDeleteයකෝ පාහරය මම අදනේ දන්නේ මේ බ්ලොග එක ගැන , තෝ මට කිවේ නැහැනේ :/
ReplyDelete