Pages

Friday, August 24, 2012

Digital Music - වැඩ කටයුතු අරඹමු!!!

ටික දවසකට පස්සෙ ආපහු බ්ලොග් එක පැත්තෙ ආවා. (පසුගිය දවස් වල සංගීත වැඩකටයුතු කිහිපයක් නිසා ටිකක් කාර්යබහුල වෙලා හිටියෙ. ඒ ගැන අන්තිමට කියන්නම්) පොරොන්දු උන විදියට ඩිජිටල් සංගීත නිර්මාණකරනයේදි භාවිතා වෙන මෘදුකාංග ගැන කියාදෙන්න සහ FL Studio සමගින් නිර්මාණ කටයුතු ආරම්භ කරන ආකාරය කියාදෙන්න. දැන් කෙලින්ම මාතෘකාවට...

FL Studio Download කර install කරගැනීම.

මුලින්ම මම FL Studio ගැන කියාදෙන්න හිතුවෙ ඩිජිටල් සංගීත නිර්මාණකරණය තුල භාවිතා වෙන සංකල්ප සියල්ලම වගේ ලෙසියෙන් ඉගෙන ගන්න පුලුවන් නිසා. FL Studio හි ඉනටර්ෆේස් එක ඉතා සරල උනත් වැඩ අතින්නම් ඉහල මට්ටමක ඉන්නවා.

Mixing a song with FL Studio (මේකෙනම් ටිකක් සංකීරණයි වගේ පේන්නෙ)
දැන් කස්ටිය FL Studio download කරගන්න ඔය ටොරන්ට් සයිට් එකකට ගිහින් FL Studio කියලා සර්ච් කරලා FL Studio 9/10 වර්ෂන් දෙකෙන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට වඩා පරණ ඒවානම් ගන්න එපා. Instruments මදි. (හොර සොෆ්ට්වෙයා පාවිච්චි කරන්න එපා කියලා විශේෂඥයෝ කෑ නොගසත්වා!)

FL Studio හි කොටස් හඳුනාගනිමු


Click on photo to enlarge


Instruments : FL Studio සමග ඇති සියලු සංගීත භාණ්ඩ වල ශබ්ද මෙතන ඇති Packs යන ෆෝල්ඩරය යටතේ ඇත.

Mixer : කටහඬ/ලයිව් සංගීත භාන්ඩ වල නාදය පටිගත කිරීම සහ effects යෙදීම සඳහා මෙය භාවිතා වේ. (උදා: reverb - දෝංකාරය වගේ එක, chorus effect - ස්ටීරියෝ ආකාරයට ශබ්දය ඇසීම සඳහා. පානා සෙනෙහස සින්දුවෙ දුෂ්‍යන්ත්ගේ කටහඬ අහලා බලන්න.. chorus effect එක දාලා තියෙන්නෙ..)

Playlist : සංගීත ඛණ්ඩ නිර්මාණය කල පසුව ගීතයක් ආකාරයට පිලිවෙලට ප්ලේ වීම සඳහා මෙතනට ඒ සංගීත ඛන්ඩ ලබා දිය යුතුය.

ඔන්න මූලිකම කොටස් ටික කෙටියෙන් විස්තර කලා. මේවා ගැන තවදුරටත් සහ අනිකුත් කොටස් ගැනත් ඉදිරියට ඉගෙන ගනිමු. විශේෂයෙන් කියන්න ඕනෙ උනන්දුව සහ ආසාව තියනවා නම් තනියම උනත් ඉගෙන ගන්න පුලුවන්. (මං වගේ) මෘදුකාංගයෙන් වැඩ කරන්න දැනගත්තටම මදි සංගීත නිර්මාණයක් කරන්න. ස්වර, chords, scale ගැන යම්තාක් දුරට දැනීමකුත් තියෙන්න ඕනෙ. තව යම්තාක් දුරට කීබෝඩ් වාදනය කිරීමේ හැකියාවකුත් තිබුනොත් හොඳයි.

පසුගිය දවස් වල සංගීත වැඩ ටිකක් නිසා කාර්යබහුල උනා කිව්වනේ. ඒ ගැන තමයි මේ කියන්න හදන්නෙ. මම සහ අන්තර්ජංජාලය බ්ලොග් එකේ කතෘ යසන්ත අයියා ස්ටූඩියෝ එකක් ආරම්භ කලා Hidden Melodies කියලා.

අපි කරපු පලවෙනි ගීතය යසන්ත අයියා ගායනා කරන, මං සංගීත නිර්මාණය කරපු හිම හංසි පද රචනය කරපු ගීතයක්. (තවම රිලීස් කලේ නෑ) දෙවෙනි ගීතය මං ගායනා කරන, මම සංගීත නිර්මාණය කරපු, ප්‍රාර්ථනා අක්කා පදරචනය කල සදා රකිමි (හීන කතන්දර) ගීතය. පහත ප්ලේයර් එක මගින් ඒක අහලා බලලා ඔයාලගේ අදහස් උදහස්, ගල් මුල් හැමදේම මට කියන්න. (ඇහෙන්නෙ නැත්නම් http://www.soundcloud.com/bimsara/sada-rakimi මෙතනින් අහන්න) එහෙනම් අදට මං ගියා. බායි ඇන්ඩ් ජය වේවා!!!

14 comments:

  1. සින්ඩුව ගැනනම් ආයෙ කියන්න ඩෙයක් නෑ...........^_^
    ගෑල්ලමයින්ගෙන් පලිස්සම් වෙන්ඩ.........

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන්ම මේ කමෙන්ට් එක දාපු කෙනාගෙන්...

      Delete
    2. ඔව් ඈ....අර ගෑල්ලමයි ටික.....

      Delete
  2. මට මියුසික් ගැන අවබිධයක් නැතත් මම කැමතියි මේ වගේ දේවල් ඉගෙනගන්න! ඔයාලට ගොඩක් තුති! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට..

      Delete
  3. මල්ලියෝ... මාරු බන්.. සිරා. මට එවුවේ මේකේ සින්දුව නැතුවනේ.. දැන් මාරයි ආ ....

    ReplyDelete
    Replies
    1. එල ඈ.. තැන්කූ තැන්කූ..

      Delete
  4. සුපිරිම මලයා. වැඩේ දිගටම කරගෙන යමු.

    ReplyDelete
    Replies
    1. සින්දුව හොඳට කිරීමේ ක්‍රෙඩිට් වලින් කොටසක් අයියටත් අයිති වෙන්න එපෑ.. හැමදාම වගේ මගෙ මියුසික් වල අඩුපාඩු පෙන්නලා දෙනවට... තැන්කූ වේවා..

      Delete
  5. ස්තුතියි, සහ හොද වැඩක්,,,,අනිවාර්යෙන්ම මේක බලනවා,,,

    ReplyDelete
  6. මචන් සින්දුවේ මියුසික් නම් එළ, ඒත් තව ටිකක මේ වොයිස් එක ක්ලියර් වුනා නම් හොද නැද්ද?

    ReplyDelete
  7. මලයා සින්දුව නම් මල් හතයි.

    ReplyDelete
  8. යකෝ පාහරය මම අදනේ දන්නේ මේ බ්ලොග එක ගැන , තෝ මට කිවේ නැහැනේ :/

    ReplyDelete