Pages

Saturday, August 11, 2012

Music Studio සහ උපාංග ගැන...

සංගීත නිර්මාණකරනයේදි ‍ඉතාමත්ම වැදගත්වෙන දේවල් ගැන තමයි අද කියන්න හදන්නෙ මම. ඒ කියන්නෙ සංගීත නිර්මාණකරණ කටයුතු කරන ස්ටූඩියෝ එකක තියන උපාංග ගැන බිඳක්. වර්තමානයේ සංගීත නිර්මාණකරනයේදි අත්‍යාවශ්‍යම දෙයක් තමයි හොඳ පරිගණකයක්. 

පරිගණකය
සාමාන්‍යයෙන් හොඳයි කියලා පිලිගන්න ස්ටූඩියෝ එකක අවම වශයෙන් Core i3 එකක්වත් තියනවා. සාමාන්‍යයෙන් 4GB වලට වඩා වැඩි රැම් එකක් සමඟ ටිකක් ලොකු ධාරිතාවක් තියන හාඩ් ඩ්‍රයිව් එකකුත්, මොනිටර්ස් දෙකක් සවිකල හැකි ආකාරයේ VGA එකකුත් භාවිතා වෙනවා. බොහෝ විට ස්ටූඩියෝ එකක පරිගණකයට මොනිටර්ස් දෙක්ක සවිකරලා තමයි භාවිතා වෙන්නෙ. 


Sound card

පරිගණකයටම සම්බන්ධ කොටසක් උනත් වෙනම කතා කරන්න හේතුව audio එක්ක වැඩ කරද්දි ඉතාමත්ම වැදගත් දෙයක් නිසා මේක. Audio recording, Keyboard එකෙන් දෙන Midi Signal පරිගණකයට ලබා දීම වගේ ගොඩක් දේවල් වෙන්නෙ මේක හරහා. Midi Sequencing* කෙසේ වෙතත් රෙකෝඩින් වල ගුණාත්මක භාවයටනම් කෙලින්ම බලපාන්නෙ Sound Card එකේ තත්වය තමයි. කලින්ම කියලා ඉන්න ඕනෙ Integrated Sound card නම් රෙකෝඩින් වලට ගැලපෙන්නෙම නෑ. ඕනෙම ආකාරයක Separate sound card එකක් රෙකෝඩින් සඳහා ගොඩක් වෙලාවට ප්‍රමාණවත්.

දැකලා බය වෙන්න එපා. මෙන්න මේවගේ ඒවා තමයි ගොඩක් ස්ටූඩියෝ වල පාවිච්චි වෙන්නෙ.

මෙයා රුපියල් 10000 අවට ගානක් වගේ වෙනවා
Mixer

සාමාන්‍යයෙන් මික්සර් කියන්නෙ නම් ටිකක් විතර අමාරුකාරයෝ තමා. (ගානත් අමාරුයි, ලොකු ඒවාගේ වැඩත් අමාරුයි) ගොඩක් වෙලාවට මික්සර් එක ඕනෙ වෙන්නෙ ලයිව් මියුසික් කරනකොට හඬ පරිපාලනය කරගන්න තමයි. (ඒ කියන්නෙ පරිගණකයෙන් සංගීත නිර්මාණය නොකර ලයිව් instrument භාවිතා කරලා කරනකොට) සාමාන්‍යයෙන් ලයිව් මියුසික්ම කරන තැනක්නම් ගොඩක් වෙලාවට හොඳ මට්ටමේ මික්සර් එකක් ඕනෙ වෙනවා. 

මෙහෙම හිටියට ලක්ෂ 3ට වඩා වටිනවා මෙයාව
Headphone

ශබ්ද පරිපාලනයේදි තවත් වැදගත් වෙන ‍උපාංගයක් තමයි මේ. හැබැයි මේ කියන්නෙ පේමන්ට් එකේ රුපියල් 500ට විතර තියන එක ‍එහෙම නෙමේ. Beats, Sony, Pioneer වගේ සමාගම් වලින් ස්ටූඩියෝ වලට වෙනම හෙඩ් ෆෝන් නිශ්පාදනය කරනවා. කොලිටි එක ගැනනම් කතා කරන්න දෙයක් නෑ..

මේක දාගෙන ඉන්නකොට රුපියල් 30000ක් විතර ඔලුව උඩ හො‍ඳේ
Studio Monitors

මොනිටර්ස් කිව්වට මේ කියන්නෙ ඔය ඔයාලා දැන් බලාගෙන ඉන්න එක එහෙම නෙමේ. ස්පීකර්ස් වර්ගයක්. සංගීත නිර්මාණයක් අවසානයේ Mastering* සඳහා අත්‍යාවශ්‍ය වෙන දෙයක් තමයි මේ. සංගීත ඛණ්ඩයක තියන ඉතාමත්ම චූටි ශබ්දයක් උනත් මේකෙන් පෙන්වනවා ඉතාමත්ම නිවැරදි විදියට. මිල ගනන් ගැන කියනවානම් රුපියල් 20000 විතර ඉඳන් ඉහළට තියනවා. (මේ මිල මට සුවර් නැත)

Midi Controller or Workstation

පරිගණක ආශ්‍රිත සංගීත නිර්මාණයේදි අත්‍යාවශ්‍යම දෙයක් තමයි මේ. Midi Controller එකක් කියන්නෙ පරිගණකයේ අදාළ මෘදුකාංගයේ ඇති ශබ්ද හසුරවන්න ගන්න කීබෝඩ් එකක් හෝ drum machine etc. මේකත් එක්කම වෙනම ශබ්ද නෑ (ඒ කියන්නෙ ලයිව් ‍ප්ලේ කරන්න බෑ. පරිගනකයක් අවශ්‍යයි). 

Workstation කියන්නෙ ටිකක් දරුණු භාන්ඩයක්. ඒකටම ආවේනික උන ශබ්ද අනන් මනන් විකාර ගොඩක් තියනවා. (මං හරියට දන්නෙත් නෑ පාවිච්චි කරලා නැති නිසා) අර Centigradz ලාගේ මියුසික් වීඩියෝ වල තුසිත් ප්ලේ කරන Roland Fantom X6 කියලා තියෙන එක workstation එකක්. ලක්ෂ 2, 3ක් වෙනවා මේකක්. 

Midi Controller එකක් නම් රුපියල් 20000 අවට ගානකට හොඳ එකක් ගන්න පුලුවන්. (මගේ මතයනම් Midi Controller එකක් හොඳටම ප්‍රමාණවත්)

මෙයා ලංකාවේ ලක්ෂ 4ක් විතර වෙනවාලු

Microphone

කටහඬ/සංගීත භාන්ඩ වල ශබ්දය පටිගත කරන්න අත්‍යාවශයි. සාමාන්‍යයෙන් කටහඬ සඳහා භාවිතා වෙන්නෙ කන්ඩෙන්සර් මයික්. කොලිටි එක අතින් ඉතාමත්ම හොඳයි. ඒත් ස්ටූඩියෝ එක අනිවාර්යෙන්ම sound proof කරලා තියෙන්න ඕනෙ. මොකද මේ මයික් එක ගොඩක් සංවේදි නිසා. නවකයෙකුට අඩු මුදලකට ගන්න පුලුවන් හොඳ කන්ඩෙන්සර් මයික් එකක් විදිහට Behringer C1 එක හඳුන්වන්න පුලුවන්. ලංකාවේ රුපියල් 5000ක් වගේ වෙන්නෙ. ඉහල මට්ටමේ එකක්නම් Technica AT4050 මයික් එක රුපියල් 50000 අවට ගානකට ගන්න පුලුවන්. මේ මයික් ක්‍රියාත්මක වීම සඳහා Phantom Power අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය pre amp එක වෙනම මිලදී ගන්න වෙනවා. (රුපියල් 5000ක් වගේ වෙනවලු)


Software

මෙන්න ඊලගට අවශ්‍යම දේ. රෙකෝඩින්/ඩිජිටන් කොම්පෝසින් සඳහා මෘදුකාංගයක්. බොහෝ විට ස්ටූඩියෝ වල භාවිතා වෙන්නෙ Pro Tools. මේක ගොඩක් ලයිව් රෙකෝඩින් පැත්තට බර නිසා ඩිජිටල් නිර්මාණ කරන්න භාවිතා කරන්නෙ Cubase, Reason වගේ ඒවා. ගොඩක් අවස්ථාවල සිදු කරන්නෙ Reason වලින් සංගීතය නිර්මාණය කරලා Cubase/Protools මගින් කටහඬ පටිගත කරලා Mixing/Mastering කරන එක. ඒත් නවකයෙකුට ඉතාමත්ම ගැලපෙන්නෙ FL Studio වගේ පහසු මෘදුකාංගයක්. ඒ වගේ එකකින් අදාළ වැඩකටයුතු ඉගෙන ගත්තම ‍Reason වගේ මෘදුකාංගයක් භාවිතා කරන එක ඉතාමත්ම ලේසි වෙනවා.

මේ තියෙන්නෙ ජනනාත් වරකාගොඩගේ ස්ටූඩියෝ එකේ (Thaal Studio) Audio Engineer ඉන්න තැන. 

ලංකාවේ හොඳම ස්ටූඩියෝ වලින් එකක්...


ඔන්න එහෙනම් කියන්න ආපු විස්තර ටික අවසානයි. දැන් සංගීත නිර්මාණය කරන්න හිතාගෙන ආපු අය හිතනවද දන්නෙ නෑ මෙච්චර වියදම් කරලා අපිටනම් කවදාවත් සංගිත නිර්මාණ කරන්න හම්බවෙන්නෙ නෑ කියලා. කිසි අවුලක් නෑ. ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම් මං කොහොමද සංගීත නිර්මාණය කරන්නේ කියලා. එහෙනම් අදට මම ගියා..

ජය වේවා!!!

ප.ලි. : අර තරු දාලා තියන වචන ඊලග පෝසට් වලදි විස්තර කරන්නම්...

  

27 comments:

  1. මේක දැක්කාම මියුසික් කරන්න බය හිතෙනවනේ මලයා. පැහැදිලි කරහන් ගෙදර පොඩියට ටෙම්පරි ස්ටූඩියෝ කෑල්ලක් හදාගන්න හැටි. සොෆ්ට්වෙයා ටික එහෙම. මොකද පොඩි පොඩි වැඩ කරන හැටි කියලා දුන්න නම් වටිනවා

    ReplyDelete
    Replies
    1. ඒවා ඊලග පෝසට් එකෙන්.. මේකෙන් කිව්වෙ සාමාන්‍යයෙන් වෙන හැටි... :)

      Delete
  2. පිස්සු ඇදෙයි.. මටත් හිතෙනවා ස්ටුඩියෝ කෑල්ලක් හදාගන්න... :D

    ReplyDelete
    Replies
    1. ඉතිං හදාගනිංකෝ.. (මට වාසියි)

      Delete
    2. සිමෙන්තියි, වැලියි ටික ගෙනත් දාගනිං අයියෙ.. අපි හදමු ලොකුවට.. :D

      Delete
    3. මාත් එනවා දවසක අත් උදව්වට...

      Delete
  3. උඹ දන්නවනේ මම ඩිජිටල් මියුසික් වලින්ම ඉස්සරහට යන්න කැමැත්තක් නෑ කියලා.. ඒත් මොකෑ කරන්නෙ? සල්ලිකාරයො නෙමේනේ.. ඉගෙන ගන්න නං අකමැත්තක් නෑ..
    …මෙතන විස්තර වලින් බාගෙකට වඩා අලුත් මට නං.. සමහර ඒව ගැන ඇහුවෙත් අද.. අලුත් දෙයක් තිබ්බ එකට නං සතුටුයි.. ඊලඟ එකත් කියවල බලමු ඉතුරු ටිකක් අල්ලගන්න පුලුවන්ද කියල.. විස්තරේ පැහැදිලියි මචං.. එළ.. වෙනස් විදියට ඉස්සරහට යමු එහෙනම්.. :)

    ReplyDelete
    Replies
    1. ඩිජිටල් මියුසික්ම නොකරන නිසා තමයි බං මටත් මේ ඇඬිලා ඉන්නෙ ඕනෙ දේවල් ගන්න විදියක් නැතුව :/

      Delete
  4. Replies
    1. බලන්න කලින්ම කිව්වා මං ඕක :P

      Delete
  5. 1+1 = ??? ගණන් එකතු කරමින්....සල්ලි සල්ලි කියල බලන්නේ නෑ!නාඩියාත් ස්ටුඩියෝ එකක් හදාන්නයි යන්නේ! :)

    ReplyDelete
    Replies
    1. මුං ඔක්කොම ස්ටූඩියෝ හදාගන්නවා.. හදාගත්තට කමක් නෑ මාව අමතක එහෙම කොරනවා නෙමේ ඕං..

      Delete
  6. Monawa unath Ela elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz !!!!

    ReplyDelete
  7. අලෙ අපි දල්ලැ අලෙ මියුසික් ගැන නම්..

    ReplyDelete
  8. අලෙ අපි දල්ලැ අලෙ මියුසික් ගැන නම්..

    ReplyDelete
  9. වටිනවා.!
    අලුත් දෙයක් දැනගත්තා.., :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දුන්නට.. :)

      Delete
  10. සෑහෙන්න වටිනවා..
    හොඳට පැහැදිලි කරල තියෙනවා
    ඊලඟ කොටස එනකල් ඉන්නව බලන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... ඊලඟ කොටසත් ඉක්මනටම දාන්නම්... :)

      Delete
  11. මම දන්න විදියට නං මේ සාස්තරේ ඒ කියන්නෙ පටිගත කිරීමේ ඉන්ජිනේරු විද්‍යාව ලංකාවෙ මොනම විශ්ව විද්‍යාලයකවත් උගන්වන්නෙ නැහැ. පොඩි මට්ටමිංවත් උගන්වන ආයතනයක් නැහැ. සමහර විට ඉදිරියෙදි ඇතිවේවි. අර තව ගෑනුළමයෙකුත් මේවගෙ ලිපි ලියනව

    ReplyDelete
    Replies
    1. City & Guilds එක්ක එකතු වෙලා රංග දිසානායක (Hit Factory) උගන්වනවා. Audio Engineering Diploma එකක් තිබ්බා මතකයි. Course Fee එක 100000ක්ද කොහෙද මතක විදියට...

      http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/246898_2036676512534_1112867081_2356064_1507180_n.jpg

      http://a2.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/251187_2036626271278_1112867081_2355878_6895736_n.jpg

      Delete
    2. ඔහු පන්ති පටන්ගන්නවා කියා ආරංචි උනාට විස්තරයක් දැනගත්තෙ අදයි. ස්තුතියි

      Delete
  12. නොදකිං වල් හාවා... මං ඊයෙම කිව්වනේ... මට නම් මෙලෝ මගුලක් තේරුණේ නෑ ඕං...

    ReplyDelete
  13. මම කරන්නේ fl studio දන්නා කෙනෙක් මට දෙනවද quality tabla vsti pluggin එකකුයි harmoniom puggin එකකුයි බාගන්න link එකක්.

    ReplyDelete