Pages

Monday, August 13, 2012

Music Studio සහ ලක්ෂ ගානක උපාංග නැතිව...

සංගීත නර්මාණකරණයේ "පොරවල්" කියලා සලකන කස්ටිය සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල් ගැන මං කලින් පෝස්ට් එකෙන් කිව්වා. දැන් කස්ටිය බලනවා ඇති හත් දෙයියනේ ලක්ෂ ගානක් වියදම් කරගෙන අපි කොහොමද විනෝදාංශයක් විදියට මේක කරන්නෙ කියලා. අන්න ඒක ගැන තමා මං මේ කියන්න හදන්නෙ.

කතාව පටන්ගන්න කලින් මෙතනට ගිහින් තියන ට්‍රැක් දෙක තුනක් අහලා බලන්න.

Simple Home Studio


මං music composing කරන්න පටන්ගත්ත කාලේ ඉඳන් කරපු ඒවා ඔතන තියනවා. ඔය කිසිම එකක් කරන්න මං ලක්ෂ ගානක් වියදම් කරලා instruments ගත්තෙවත්, පැයකට 1500ක් විතර ගෙවලා ස්ටූඩියෝ වලට ගියෙවත් නෑ. අනික් දේ තමයි තවමත් මට MIDI Cable එකක් නෑ මගේ කීබෝඩ් එක කම්පියුටර් එකට කනෙක්ට් කරගන්න. ඒක නිසා වැදගත්‍ දේ උනන්දුව. ලක්ෂ ගානක උපාංග නෙමෙයි. (දැන් පොර ටෝක් ඇති) අපි බලමු දැන් කොහොමද තමන්ගෙ ගෙදර තියන පරිගණකය සංගීත නිර්මාණයක් කරගත හැකි ආකාරයට සකස් කරගන්නෙ කියලා.

පරිගණකය
මුලින්ම පරිගණකයක් අවශ්‍යයිනේ. පරිගණකයනම් වේගවත් වෙන තරමට හොඳයි. (හැබැයි මටනම් තවම තියෙන්නෙ පෙන්ටියම් 4 2.4GHz පරිගණකයක්. 1GB RAM එකක් එක්ක.) Hard Drive Free space එකත් තියන්න ඕනේ අඩුම තරමෙ 15GB වත්. නැත්නම් රෙකෝඩින් කරනකොට පිරෙනවා දැනෙන එකක් නෑ.

Sound card & Speaker system
කටහඬ/ලයිව් සංගීත භාණ්ඩ රෙකෝඩින් කරන්නෙ නැත්නම් integrated sound card එකක් ප්‍රමාණවත්. නැත්නම් Separate එකක් තියනවා නම් හොඳයි. ඊලඟට හොඳ ස්පීකර්ස් පද්ධතියක් අවශ්‍යයි. (අර ලොතරයි කඩේක වගේ සද්දෙ එන චූටි ස්පීකර්ස් නම් හරියන්නෙ නෑ) 2.1 වගේ ස්පීකර්ස් පද්ධතියක් එක්ක හොඳ හෙඩ් ෆෝන් එකක්. (A4 Tech රුපියල් 1000ට වගේ හොඳ එකක් තිබ්බා. ටිකක් අර සුපිරි ලුක් එකක් තියන එකක් ගන්න. සවුන්ඩ් කොලිටි එක හොඳයි ඒව‍ගේ.)

මේ තියෙන්නෙ මං පාවිච්චි කරන දේවල්..
Creative Sound Blaster PCI CT4810

Britz BR 1100 2.1


A4Tech HS-7P


කීබෝඩ් එකක්
මේ කියන්නෙ ඔය කම්පියුටර් එකේ කීබෝඩ් එක ගැන එහෙම නෙමෙයි. වෙනම මොකක් හරි (පොඩි හරි) කීබෝඩ් එකක් ලඟ තියන එක හොඳයි. තමන් කරන ට්‍රැක් එකේ නෝට්ස් ටික හරියට බලාගෙන මෙලඩි එක අඳුරගන්න එතකොට ලේසි. දැනට ඔයාලා ගාව කීබෝඩ් එකක් තියනවානම් ඒකේ පිටිපස්සට චුට්ටක් ඔලුව දාලා බලන්න මෙන්න මෙහෙම ports තියද කියලා.

මෙහෙම පෝට් දෙකක් හරි නැත්නම් පහල තියනවා වගේ පෝට් එකක් හරි තියද බලන්න..
මට තියෙන්නෙත් මේ කීබෝඩ් එක තමයි. PSR E223. Duty Free එකේ 130$.
මෙන්න මේ වගේ පෝට් එකක් තියන කීබෝඩ් එකක් තියනවා කියන්නෙ පෙර කරපු ලොකු පිනක් තියනවා කියන එක.. :P
මුලින් තියන කීබෝඩ් එකේ වගේ පෝට් එකක් තියනවා නම් ටිකක් කට්ටක් කන්න වෙනවා හරියට වැඩ කරන කේබල් එකක් හොයාගන්න. මං මුලින් රුපියල් 1750ක් දීලා ගත්ත කේබල් එක වැඩ කලේ නෑ. දැන් ඊබේ එකෙන් එකක් එනවා මග. ඒක කොහොම වෙයිද දන්නෙ නැහැ. වැඩ කලොත් මං ඒකට ලින්ක් එකක් දාන්නම්. නැත්නම් යමහා එකෙන් රුපියල් 5000ට (වැඩි මිසක් අඩු නෑ) විතර ගන්න වෙනවා UX16 cable එක.

දෙවෙන් කීබෝඩ් එකටනම් ප්‍රින්ටර් එකේ කේබල් එක ගලවලා ඒකට ‍කනෙක්ට් කරන්න. ඊට පස්සෙ අදාල ඩ්‍රයිවර් එක ඩවුන්ලෝඩ් කරලා install කරගන්න. එතකොට වැඩේ ගොඩ. මේ කියපු ටික අනිවාර්යම නෑ. කීබෝඩ් එකක් නැති උනත් විසඳුමක් තියනවා.

Software

දැනට මේ ෆීල්ඩ් ‍එකේ පාවිච්චි කරන සොෆ්ට්වෙයා සෑහෙන තොගයක් තියනවා.

  1. Pro Tools - ස්ටූඩියෝ වල වැඩිපුරම පාවිච්චි වෙන්නෙ මේක. Digital Instruments වගේම ලයිව් රෙකෝඩින් වලටත් ඉතා හොඳින් සහය දක්වනවා. ඉතා හොඳ පරිගණකයක් අවශ්‍ය වැඩ කරගන්න.
  2. Cubase - Pro Tools තරමටම පාවිච්චි නොවුනත් ඉතා හොඳ මට්ටමේ මෘදුකාංගයක්. ඩිජිටල් වගේම ලයිව් රෙකෝඩින් වලටත් පාවිච්චි කරන්න පුලුවන්. 
  3. Ableton Live - උඩින් දාලා තියන ඒවා වගේම තමයි මේකත්. විශේෂත්වය ගොඩක් පරිගණකයේ resources වැය වෙන්නෙ නෑ.
  4. Reason - ලයිව් රෙකෝඩින් වලට සහය දක්වන්නෙම නෑ. ඩිජිටල් විතරයි. ඒත් හොඳ digital instruments collection එකක් තියනවා. මේකේ ට්‍රැක් එක කරලා කටහඬ පටිගත කරන්න පමණක් Cubase වගේ එකක් යොදාගන්න පුලුවන්.
  5. FL Studio - නවකයෙකුට වැඩිපුරම ගැලපෙන සොෆ්ට්වෙයා එක තමයි මේක. අවුලකට තියෙන්නෙ තියන instruments ප්‍රමාණය මදි. ඒ උනත් වෙනම vsti / soundfonts (instruments) දාගන්න පුලුවන් නිසා ඒ තරම් අවුලක් දැනෙන්නෙ නෑ. ලයිව් රෙකෝඩින් වලටත් හොඳයි. මගේ වැඩිම ට්‍රැක් ප්‍රමාණයක් කලේ මේකෙන්. (මම මුලින්ම දුන්න ලින්ක් එකේ මුහුදු රැල්ල ඔස්සෙ ගීතයේ ලයිව් බොක්ස් ගිටාර් එක රෙකෝඩ් කරලා මික්ස් කරන වැඩ කලෙත් මේකෙන්ම තමයි)
  6. Magix Music Maker - මං තරයේ හෙළා දකින සොෆ්ට්වෙයා එකක්. මේකේ තියෙන්නෙ loops විදියට instrument sounds. ඒ කියන්නෙ කලින් කවුරු හරි ප්ලේ කරපු මෙලඩි කොටස්, beats එහෙම. (අන්න ඒ ක්‍රමය මං තරයේම හෙළා දකිනවා.)
Mic එක

මයික් එකකට වියදම් කරන්න පුලුවන් නම් ගත්තට කමක් නෑ එකක්. ගෙදර පාවිච්චිය නිසා කන්ඩෙන්සර් එකක් ගන්න එපා. සෙන්සිටිව් වැඩියි. ඩයිනමික් මයික් එකක් හොදටම ප්‍රමාණවත්. නැතත් හෙඩ් ෆෝන් එකේ මයික් එකත් හොඳටම ඇති දැනට. (මං මුල් දවස් වල කලේ එහෙම තමයි)

එහෙනම් ඔන්න අදට කියන්න ආපු විස්තර ටික අවසානයි. මේ දේවල් ගැන ප්‍රශ්නයක් තියනවා නම් කමෙන්ට් එකක් විදියට අහන්න. 

ඊලඟ දවසේ මං FL Studio වලින් ඩිජිටල් මියුසික් කියා දෙන්න පටන් ගන්න හිතාගෙන ඉන්නවා. කස්ටිය FL Install කරගෙන එහෙම ලෑස්ති වෙලා ඉන්නකෝ... 

අදට මං ගියා... ජය වේවා!!!

26 comments:

  1. Replies
    1. මමනම් විනෝදාංශෙ විදියට කරන්නෙ මේක :)

      Delete
  2. Replies
    1. උඩම මම ලින්ක් එකක් දාලා තිබ්බා... http://www.soundcloud.com/bimsara

      Delete
    2. ඔහ් ලින්ක් එක දැක්කෙ දැං නෙ ලස්සනයි. ඔයා මොනවද ඉගෙනගන්නෙ?

      Delete
    3. තවම ඒලෙවල් කරනවා.. ඒත් එක්ක BCS HEQ කරනවා.. මියුසික් පැත්තෙන් කිව්වොත් නම් විශාරද ඉවර කලා ගායනය, වයලීන් වලින්..

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Replies
    1. බලන්න කලින් අවවාද කලේ නෑ කියන්න එපා ... :P

      Delete
  5. ඊලග කොටස එනකන් බලන් ඉන්නවා ඈ

    ReplyDelete
  6. මමත් ඊලග කොටස එනකන් ඉන්නේ ඉක්මනටම ඕනි ඒක හරිද

    ReplyDelete
    Replies
    1. කම්මැලි හිතුනේ නැත්නම් දාන්නම් ඈ... :D

      Delete
  7. ඈ බං.. මට තියෙන්නෙ එක ප්‍රශ්නයයි.. උඹට අර ටික වැරදිලා නේද??
    //…මට තියෙන්නෙත් මේ කීබෝඩ් එක තමයි. PSR E223. Duty Free එකේ 130$.//
    …රු. 18000 ක් වගේ කියල හිතෙනව එතකොට.. ඒක හදපං.. O.o
    …උඹ මෙතන දාල තියන එව්වගෙන් මට තියෙන්නෙ කොම්පීතරයක් විතරයිනෙ.. :D

    ReplyDelete
  8. මටයි ගහන්න ඕන. නොදන්න මගුල් කියවන්න එනවට. අලේ මල්දල්ලෑ අෆ්ෆා...

    ReplyDelete
  9. උඩදාගෙන කියෙව්වට මම නම් ඔන්න කපුටෙක් දෙන්නෙක් එළවන්න සිංදුවක් කිව්වොතේ මිසක්කා මගේ ගායනමය හැකියාව පාවිච්චි කොරන්නේ නෑ...

    ReplyDelete
  10. machan oya software kellak kdownload karaganna linkuwak thiyanawanam deepanko

    ReplyDelete
  11. නියමයි මලේ. Reason වල ලයිව් බෑ කියලා දන්නේ අද බන් :(

    ReplyDelete
  12. මම කරන්නේ fl studio දන්නා කෙනෙක් මට දෙනවද quality tabla vsti pluggin එකකුයි harmoniom puggin එකකුයි බාගන්න link එකක්.

    ReplyDelete