Pages

Showing posts with label උපාංග. Show all posts
Showing posts with label උපාංග. Show all posts

Monday, August 13, 2012

Music Studio සහ ලක්ෂ ගානක උපාංග නැතිව...

සංගීත නර්මාණකරණයේ "පොරවල්" කියලා සලකන කස්ටිය සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල් ගැන මං කලින් පෝස්ට් එකෙන් කිව්වා. දැන් කස්ටිය බලනවා ඇති හත් දෙයියනේ ලක්ෂ ගානක් වියදම් කරගෙන අපි කොහොමද විනෝදාංශයක් විදියට මේක කරන්නෙ කියලා. අන්න ඒක ගැන තමා මං මේ කියන්න හදන්නෙ.

කතාව පටන්ගන්න කලින් මෙතනට ගිහින් තියන ට්‍රැක් දෙක තුනක් අහලා බලන්න.

Simple Home Studio


මං music composing කරන්න පටන්ගත්ත කාලේ ඉඳන් කරපු ඒවා ඔතන තියනවා. ඔය කිසිම එකක් කරන්න මං ලක්ෂ ගානක් වියදම් කරලා instruments ගත්තෙවත්, පැයකට 1500ක් විතර ගෙවලා ස්ටූඩියෝ වලට ගියෙවත් නෑ. අනික් දේ තමයි තවමත් මට MIDI Cable එකක් නෑ මගේ කීබෝඩ් එක කම්පියුටර් එකට කනෙක්ට් කරගන්න. ඒක නිසා වැදගත්‍ දේ උනන්දුව. ලක්ෂ ගානක උපාංග නෙමෙයි. (දැන් පොර ටෝක් ඇති) අපි බලමු දැන් කොහොමද තමන්ගෙ ගෙදර තියන පරිගණකය සංගීත නිර්මාණයක් කරගත හැකි ආකාරයට සකස් කරගන්නෙ කියලා.

පරිගණකය
මුලින්ම පරිගණකයක් අවශ්‍යයිනේ. පරිගණකයනම් වේගවත් වෙන තරමට හොඳයි. (හැබැයි මටනම් තවම තියෙන්නෙ පෙන්ටියම් 4 2.4GHz පරිගණකයක්. 1GB RAM එකක් එක්ක.) Hard Drive Free space එකත් තියන්න ඕනේ අඩුම තරමෙ 15GB වත්. නැත්නම් රෙකෝඩින් කරනකොට පිරෙනවා දැනෙන එකක් නෑ.

Sound card & Speaker system
කටහඬ/ලයිව් සංගීත භාණ්ඩ රෙකෝඩින් කරන්නෙ නැත්නම් integrated sound card එකක් ප්‍රමාණවත්. නැත්නම් Separate එකක් තියනවා නම් හොඳයි. ඊලඟට හොඳ ස්පීකර්ස් පද්ධතියක් අවශ්‍යයි. (අර ලොතරයි කඩේක වගේ සද්දෙ එන චූටි ස්පීකර්ස් නම් හරියන්නෙ නෑ) 2.1 වගේ ස්පීකර්ස් පද්ධතියක් එක්ක හොඳ හෙඩ් ෆෝන් එකක්. (A4 Tech රුපියල් 1000ට වගේ හොඳ එකක් තිබ්බා. ටිකක් අර සුපිරි ලුක් එකක් තියන එකක් ගන්න. සවුන්ඩ් කොලිටි එක හොඳයි ඒව‍ගේ.)

මේ තියෙන්නෙ මං පාවිච්චි කරන දේවල්..
Creative Sound Blaster PCI CT4810

Britz BR 1100 2.1


A4Tech HS-7P


කීබෝඩ් එකක්
‍මේ කියන්නෙ ඔය කම්පියුටර් එකේ කීබෝඩ් එක ගැන එහෙම නෙමෙයි. වෙනම මොකක් හරි (පොඩි හරි) කීබෝඩ් එකක් ලඟ තියන එක හොඳයි. තමන් කරන ට්‍රැක් එකේ නෝට්ස් ටික හරියට බලාගෙන මෙලඩි එක අඳුරගන්න එතකොට ලේසි. දැනට ඔයාලා ගාව කීබෝඩ් එකක් තියනවානම් ඒකේ පිටිපස්සට චුට්ටක් ඔලුව දාලා බලන්න මෙන්න මෙහෙම ports තියද කියලා.

මෙහෙම පෝට් දෙකක් හරි නැත්නම් පහල තියනවා වගේ පෝට් එකක් හරි තියද බලන්න..
මට තියෙන්නෙත් මේ කීබෝඩ් එක තමයි. PSR E223. Duty Free එකේ 130$.
මෙන්න මේ වගේ පෝට් එකක් තියන කීබෝඩ් එකක් තියනවා කියන්නෙ පෙර කරපු ලොකු පිනක් තියනවා කියන එක.. :P
මුලින් තියන කීබෝඩ් එකේ වගේ පෝට් එකක් තියනවා නම් ටිකක් කට්ටක් කන්න වෙනවා හරියට වැඩ කරන කේබල් එකක් හොයාගන්න. මං මුලින් රුපියල් 1750ක් දීලා ගත්ත කේබල් එක වැඩ කලේ නෑ. දැන් ඊබේ එකෙන් එකක් එනවා මග. ඒක කොහොම වෙයිද දන්නෙ නැහැ. වැඩ කලොත් මං ඒකට ලින්ක් එකක් දාන්නම්. නැත්නම් යමහා එකෙන් රුපියල් 5000ට (වැඩි මිසක් අඩු නෑ) විතර ගන්න වෙනවා UX16 cable එක.

දෙවෙන් කීබෝඩ් එකටනම් ප්‍රින්ටර් එකේ කේබල් එක ගලවලා ඒකට ‍කනෙක්ට් කරන්න. ඊට පස්සෙ අදාල ඩ්‍රයිවර් එක ඩවුන්ලෝඩ් කරලා install කරගන්න. එතකොට වැඩේ ගොඩ. මේ කියපු ටික අනිවාර්යම නෑ. කීබෝඩ් එකක් නැති උනත් විසඳුමක් තියනවා.

Software

දැනට මේ ෆීල්ඩ් ‍එකේ පාවිච්චි කරන සොෆ්ට්වෙයා සෑහෙන තොගයක් තියනවා.

  1. Pro Tools - ස්ටූඩියෝ වල වැඩිපුරම පාවිච්චි වෙන්නෙ මේක. Digital Instruments වගේම ලයිව් රෙකෝඩින් වලටත් ඉතා හොඳින් සහය දක්වනවා. ඉතා හොඳ පරිගණකයක් අවශ්‍ය වැඩ කරගන්න.
  2. Cubase - Pro Tools තරමටම පාවිච්චි නොවුනත් ඉතා හොඳ මට්ටමේ මෘදුකාංගයක්. ඩිජිටල් වගේම ලයිව් රෙකෝඩින් වලටත් පාවිච්චි කරන්න පුලුවන්. 
  3. Ableton Live - උඩින් දාලා තියන ඒවා වගේම තමයි මේකත්. විශේෂත්වය ගොඩක් පරිගණකයේ resources වැය වෙන්නෙ නෑ.
  4. Reason - ලයිව් රෙකෝඩින් වලට සහය දක්වන්නෙම නෑ. ඩිජිටල් විතරයි. ඒත් හොඳ digital instruments collection එකක් තියනවා. මේකේ ට්‍රැක් එක කරලා කටහඬ පටිගත කරන්න පමණක් Cubase වගේ එකක් යොදාගන්න පුලුවන්.
  5. FL Studio - නවකයෙකුට වැඩිපුරම ගැලපෙන සොෆ්ට්වෙයා එක තමයි මේක. අවුලකට තියෙන්නෙ තියන instruments ප්‍රමාණය මදි. ඒ උනත් වෙනම vsti / soundfonts (instruments) දාගන්න පුලුවන් නිසා ඒ තරම් අවුලක් දැනෙන්නෙ නෑ. ලයිව් රෙකෝඩින් වලටත් හොඳයි. මගේ වැඩිම ට්‍රැක් ප්‍රමාණයක් කලේ මේකෙන්. (මම මුලින්ම දුන්න ලින්ක් එකේ මුහුදු රැල්ල ඔස්සෙ ගීතයේ ලයිව් බොක්ස් ගිටාර් එක රෙකෝඩ් කරලා මික්ස් කරන වැඩ කලෙත් මේකෙන්ම තමයි)
  6. Magix Music Maker - මං තරයේ හෙළා දකින සොෆ්ට්වෙයා එකක්. මේකේ තියෙන්නෙ loops විදියට instrument sounds. ඒ කියන්නෙ කලින් කවුරු හරි ප්ලේ කරපු මෙලඩි කොටස්, beats එහෙම. (අන්න ඒ ක්‍රමය මං තරයේම හෙළා දකිනවා.)
Mic එක

මයික් එකකට වියදම් කරන්න පුලුවන් නම් ගත්තට කමක් නෑ එකක්. ගෙදර පාවිච්චිය නිසා කන්ඩෙන්සර් එකක් ගන්න එපා. සෙන්සිටිව් වැඩියි. ඩයිනමික් මයික් එකක් හොදටම ප්‍රමාණවත්. නැතත් හෙඩ් ෆෝන් එකේ මයික් එකත් හොඳටම ඇති දැනට. (මං මුල් දවස් වල කලේ එහෙම තමයි)

එහෙනම් ඔන්න අදට කියන්න ආපු විස්තර ටික අවසානයි. මේ දේවල් ගැන ප්‍රශ්නයක් තියනවා නම් කමෙන්ට් එකක් විදියට අහන්න. 

ඊලඟ දවසේ මං FL Studio වලින් ඩිජිටල් මියුසික් කියා දෙන්න පටන් ගන්න හිතාගෙන ඉන්නවා. කස්ටිය FL Install කරගෙන එහෙම ලෑස්ති වෙලා ඉන්නකෝ... 

අදට මං ගියා... ජය වේවා!!!

Saturday, August 11, 2012

Music Studio සහ උපාංග ගැන...

සංගීත නිර්මාණකරනයේදි ‍ඉතාමත්ම වැදගත්වෙන දේවල් ගැන තමයි අද කියන්න හදන්නෙ මම. ඒ කියන්නෙ සංගීත නිර්මාණකරණ කටයුතු කරන ස්ටූඩියෝ එකක තියන උපාංග ගැන බිඳක්. වර්තමානයේ සංගීත නිර්මාණකරනයේදි අත්‍යාවශ්‍යම දෙයක් තමයි හොඳ පරිගණකයක්. 

පරිගණකය
සාමාන්‍යයෙන් හොඳයි කියලා පිලිගන්න ස්ටූඩියෝ එකක අවම වශයෙන් Core i3 එකක්වත් තියනවා. සාමාන්‍යයෙන් 4GB වලට වඩා වැඩි රැම් එකක් සමඟ ටිකක් ලොකු ධාරිතාවක් තියන හාඩ් ඩ්‍රයිව් එකකුත්, මොනිටර්ස් දෙකක් සවිකල හැකි ආකාරයේ VGA එකකුත් භාවිතා වෙනවා. බොහෝ විට ස්ටූඩියෝ එකක පරිගණකයට මොනිටර්ස් දෙක්ක සවිකරලා තමයි භාවිතා වෙන්නෙ. 


Sound card

පරිගණකයටම සම්බන්ධ කොටසක් උනත් වෙනම කතා කරන්න හේතුව audio එක්ක වැඩ කරද්දි ඉතාමත්ම වැදගත් දෙයක් නිසා මේක. Audio recording, Keyboard එකෙන් දෙන Midi Signal පරිගණකයට ලබා දීම වගේ ගොඩක් දේවල් වෙන්නෙ මේක හරහා. Midi Sequencing* කෙසේ වෙතත් රෙකෝඩින් වල ගුණාත්මක භාවයටනම් කෙලින්ම බලපාන්නෙ Sound Card එකේ තත්වය තමයි. කලින්ම කියලා ඉන්න ඕනෙ Integrated Sound card නම් රෙකෝඩින් වලට ගැලපෙන්නෙම නෑ. ඕනෙම ආකාරයක Separate sound card එකක් රෙකෝඩින් සඳහා ගොඩක් වෙලාවට ප්‍රමාණවත්.

දැකලා බය වෙන්න එපා. මෙන්න මේවගේ ඒවා තමයි ගොඩක් ස්ටූඩියෝ වල පාවිච්චි වෙන්නෙ.

මෙයා රුපියල් 10000 අවට ගානක් වගේ වෙනවා
Mixer

සාමාන්‍යයෙන් මික්සර් කියන්නෙ නම් ටිකක් විතර අමාරුකාරයෝ තමා. (ගානත් අමාරුයි, ලොකු ඒවාගේ වැඩත් අමාරුයි) ගොඩක් වෙලාවට මික්සර් එක ඕනෙ වෙන්නෙ ලයිව් මියුසික් කරනකොට හඬ පරිපාලනය කරගන්න තමයි. (ඒ කියන්නෙ පරිගණකයෙන් සංගීත නිර්මාණය නොකර ලයිව් instrument භාවිතා කරලා කරනකොට) සාමාන්‍යයෙන් ලයිව් මියුසික්ම කරන තැනක්නම් ගොඩක් වෙලාවට හොඳ මට්ටමේ මික්සර් එකක් ඕනෙ වෙනවා. 

මෙහෙම හිටියට ලක්ෂ 3ට වඩා වටිනවා මෙයාව
Headphone

ශබ්ද පරිපාලනයේදි තවත් වැදගත් වෙන ‍උපාංගයක් තමයි මේ. හැබැයි මේ කියන්නෙ පේමන්ට් එකේ රුපියල් 500ට විතර තියන එක ‍එහෙම නෙමේ. Beats, Sony, Pioneer වගේ සමාගම් වලින් ස්ටූඩියෝ වලට වෙනම හෙඩ් ෆෝන් නිශ්පාදනය කරනවා. කොලිටි එක ගැනනම් කතා කරන්න දෙයක් නෑ..

මේක දාගෙන ඉන්නකොට රුපියල් 30000ක් විතර ඔලුව උඩ හො‍ඳේ
Studio Monitors

මොනිටර්ස් කිව්වට මේ කියන්නෙ ඔය ඔයාලා දැන් බලාගෙන ඉන්න එක එහෙම නෙමේ. ස්පීකර්ස් වර්ගයක්. සංගීත නිර්මාණයක් අවසානයේ Mastering* සඳහා අත්‍යාවශ්‍ය වෙන දෙයක් තමයි මේ. සංගීත ඛණ්ඩයක තියන ඉතාමත්ම චූටි ශබ්දයක් උනත් මේකෙන් පෙන්වනවා ඉතාමත්ම නිවැරදි විදියට. මිල ගනන් ගැන කියනවානම් රුපියල් 20000 විතර ඉඳන් ඉහළට තියනවා. (මේ මිල මට සුවර් නැත)

Midi Controller or Workstation

පරිගණක ආශ්‍රිත සංගීත නිර්මාණයේදි අත්‍යාවශ්‍යම දෙයක් තමයි මේ. Midi Controller එකක් කියන්නෙ පරිගණකයේ අදාළ මෘදුකාංගයේ ඇති ශබ්ද හසුරවන්න ගන්න කීබෝඩ් එකක් හෝ drum machine etc. මේකත් එක්කම වෙනම ශබ්ද නෑ (ඒ කියන්නෙ ලයිව් ‍ප්ලේ කරන්න බෑ. පරිගනකයක් අවශ්‍යයි). 

Workstation කියන්නෙ ටිකක් දරුණු භාන්ඩයක්. ඒකටම ආවේනික උන ශබ්ද අනන් මනන් විකාර ගොඩක් තියනවා. (මං හරියට දන්නෙත් නෑ පාවිච්චි කරලා නැති නිසා) අර Centigradz ලාගේ මියුසික් වීඩියෝ වල තුසිත් ප්ලේ කරන Roland Fantom X6 කියලා තියෙන එක workstation එකක්. ලක්ෂ 2, 3ක් වෙනවා මේකක්. 

Midi Controller එකක් නම් රුපියල් 20000 අවට ගානකට හොඳ එකක් ගන්න පුලුවන්. (මගේ මතයනම් Midi Controller එකක් හොඳටම ප්‍රමාණවත්)

මෙයා ලංකාවේ ලක්ෂ 4ක් විතර වෙනවාලු

Microphone

කටහඬ/සංගීත භාන්ඩ වල ශබ්දය පටිගත කරන්න අත්‍යාවශයි. සාමාන්‍යයෙන් කටහඬ සඳහා භාවිතා වෙන්නෙ කන්ඩෙන්සර් මයික්. කොලිටි එක අතින් ඉතාමත්ම හොඳයි. ඒත් ස්ටූඩියෝ එක අනිවාර්යෙන්ම sound proof කරලා තියෙන්න ඕනෙ. මොකද මේ මයික් එක ගොඩක් සංවේදි නිසා. නවකයෙකුට අඩු මුදලකට ගන්න පුලුවන් හොඳ කන්ඩෙන්සර් මයික් එකක් විදිහට Behringer C1 එක හඳුන්වන්න පුලුවන්. ලංකාවේ රුපියල් 5000ක් වගේ වෙන්නෙ. ඉහල මට්ටමේ එකක්නම් Technica AT4050 මයික් එක රුපියල් 50000 අවට ගානකට ගන්න පුලුවන්. මේ මයික් ක්‍රියාත්මක වීම සඳහා Phantom Power අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය pre amp එක වෙනම මිලදී ගන්න වෙනවා. (රුපියල් 5000ක් වගේ වෙනවලු)


Software

මෙන්න ඊලගට අවශ්‍යම දේ. රෙකෝඩින්/ඩිජිටන් කොම්පෝසින් සඳහා මෘදුකාංගයක්. බොහෝ විට ස්ටූඩියෝ වල භාවිතා වෙන්නෙ Pro Tools. මේක ගොඩක් ලයිව් රෙකෝඩින් පැත්තට බර නිසා ඩිජිටල් නිර්මාණ කරන්න භාවිතා කරන්නෙ Cubase, Reason වගේ ඒවා. ගොඩක් අවස්ථාවල සිදු කරන්නෙ Reason වලින් සංගීතය නිර්මාණය කරලා Cubase/Protools මගින් කටහඬ පටිගත කරලා Mixing/Mastering කරන එක. ඒත් නවකයෙකුට ඉතාමත්ම ගැලපෙන්නෙ FL Studio වගේ පහසු මෘදුකාංගයක්. ඒ වගේ එකකින් අදාළ වැඩකටයුතු ඉගෙන ගත්තම ‍Reason වගේ මෘදුකාංගයක් භාවිතා කරන එක ඉතාමත්ම ලේසි වෙනවා.

මේ තියෙන්නෙ ජනනාත් වරකාගොඩගේ ස්ටූඩියෝ එකේ (Thaal Studio) Audio Engineer ඉන්න තැන. 

ලංකාවේ හොඳම ස්ටූඩියෝ වලින් එකක්...


ඔන්න එහෙනම් කියන්න ආපු විස්තර ටික අවසානයි. දැන් සංගීත නිර්මාණය කරන්න හිතාගෙන ආපු අය හිතනවද දන්නෙ නෑ මෙච්චර වියදම් කරලා අපිටනම් කවදාවත් සංගිත නිර්මාණ කරන්න හම්බවෙන්නෙ නෑ කියලා. කිසි අවුලක් නෑ. ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම් මං කොහොමද සංගීත නිර්මාණය කරන්නේ කියලා. එහෙනම් අදට මම ගියා..

ජය වේවා!!!

ප.ලි. : අර තරු දාලා තියන වචන ඊලග පෝසට් වලදි විස්තර කරන්නම්...